මේක තමයි මගේ බ්ලොග් එකෙන් මං ඔයාලට දෙන පළවෙනි සිංහල උපසිරැසි විත්‍රපටය. පළවෙනි උපසිරැසි නිර්මාණය විදියට මේ චිත්‍රපටය තෝරගන්න හේතු ගනනාවක්ම තිබුණා. පළවෙනි සහ විශේෂම හේතුව වුණේ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණපොවන නවක නිළිය. දන්නවා ඇතිනේ එයා තමයි, 2006 වර්ශයේ දී ශ්‍රී ලංකාවේ රූ රැජින වෙමින් මිස් යුනිවර්ස් තරඟයට ලංකාව නියෝජනය කරලා ලංකාවට කීර්තියක් ලබා දීපු ජැකොලින්, "ජැකොලින් ෆර්නෑන්ඩ්ස්". දෙවැනි හේතුව තමයි මේකේ ප්‍රධාන නළුවට ඉන්නේ මං ආසම කරන විකට නළුවන්ගෙන් කෙනෙක්. ඒ රිතේෂ් දේශ්මුක්. තුන්වැනි හේතුව තමයි මං හිංදි ෆිල්ම් වලට පට්ටම ආසයි. :-) ලස්සනම ලස්සන සිංදු කිහිපයකුත් මේ චිත්‍රපටයේ තිබුන එක තවත් එක් හේතුවක්. සිංදු ටික අහන්න
මෙතන ක්ලික් කරන්න. Eros International ඉදිරිපත් කිරීමක් වශයෙන් 2009 වර්ශයේ ඔක්තොම්බර් මස 23 වැනි දින සිට තිරගත වීම ආරම්භ කරපු මෙම චිත්‍රපටය තිරරචනය කරමින් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සුජෝයි ගෝෂ් විසින්. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය බොලිවුඩයේ සිටින දක්ෂ සහ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකයින් දෙපලක් වන විශාල් සහ ශේඛර් විසින්. මීට අමතරව බොලිවුඩ් සිනමාවේ දැවැන්ත නළුවන් දෙදෙනෙකුත් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා.
ක්වායිෂ් කියන නගරයක් ප්‍රධාන කර ගෙන තමයි මේ චිත්‍රපටයේ කතාව නිර්මාණය වෙලා තියෙන්නේ. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ඇලඩින් ගේ දෙමාපියන් එයා කුඩා කාලයේදිම මිය යනවා. ඊට පස්සේ ඇලඩින් ජීවත් වෙන්නේ එයාගේ සීයා එක්ක. ඇලඩින්ගේ තාත්තා, ඒ කියන්නේ අරුන් චැටර්ජි ඇලඩින්ගේ පහන සහ එහි පුරාවෘත්තයන් ඇත්තක් කියලා තදින්ම විශ්වාස කරපු කෙනෙක්. එයා එයාගේ මුළු ජීවිතයම කැප කරනවා මේ පුරාවෘත්තය ගැන හොයන්න. ඒ විශ්වාසය නිසාම අරුන් එයාගේ පුංචි පුතාට තියන නම වෙන්නෙත් ඇලඩින්. මේ අපූරු නම නිසාම පංතියේ කරදරකාරම යාළුවා වුණ කාසිම් ගෙන් ඇලඩින් නිතරම හිරිහැරයට ලක් වෙනවා. ඒ හැම නිතරම පහනක් අතුල්ලලා භූතයෙක් ගෙන්වන්න කියමින්. ඇලඩින් ලොකු මහත් වුණා කියලා ඒ කරදර වල වෙනසක් නම් වෙන්නේ නෑ. මේ අතරෙදි තමයි ශිෂ්‍ය හුවමාරු වැඩසටහනක් හරහා ජස්මින් කියන සුරූපි යුවතිය එයාලගේ කැම්පස් එකට එන්නේ. නොකිව්වත් හොරෙන්ම වගේ ඇලඩින්ගේ හිතේ ජස්මින් ගැන ආදරයක් ඇති වෙනවා. පුරුදු විධියටම මේකටත් හරස් කපන්නේ කාසිම් ම තමයි. ඒ ජස්මින්ව අයිති කර ගැනීමට උත්සාහ කරමින්.
කෙසේ වෙතත් දෛවය විසින්ම, දෛවය වෙනස් කරන්න වගේ, ඇත්තම පුදුම පහන ඇලඩින්ගේ අතට ලැබෙනවා. ඒ කාසිම්ගේ මෝඩ විහිළුවක් විදියට, ජස්මින්ගේ සුරතින්. ඒකත් ඇලඩින්ගේ උපන් දිනය දවසෙදි උපන්දින තෑග්ගක් විදියට. ඒත් ඒ වන විටත් තමන් බලගතු පහනක සාඩම්බර හිමිකරුවෙක් කියන එක ගැනවත් ඇලඩින් දැනුවත් නෑ. මේ අතරරෙදි තමයි පහනට අධිපති "ජීනියස්" කියන භූතයා සහ ඇලඩින්ගේ දෙමාපියන්ගේ මරණ වලට වගකිව යුතු සහ පහනේ බලය ලබා ගැනීමට උත්සාහ කරන "රිංග් මාස්ටර්" කියන මායාකාරයා කතාවට පිවිසෙන්නේ.
හ්ම්ම්... ඔතනින් එහාට කතාව අපි බාගෙනම බලමු. නේද? කොහොම වුනත් මේ හැම දෙයක්ම අවසානයේ, ඇලඩින්ගේ දෛවය කොහොම විසදේවිද, කාසිම්ගේ කරදර වලින් ඇලඩින්ට ගැලවීමක් ලැබේවිද? ඇලඩින්ට එයාගේ කුළුඳුල් ආදරය වන, ජස්මින්ව හිමිකරගැනීමට හැකි වේවිද? මේ සියල්ලට පහනේ භූතයාගෙන් මොන වගේ සහයක් ලැබේවිද? මේ හැම ප්‍රශ්නෙකටම ඔයාලට උත්තර හොයාගන්න පුළුවන් චිත්‍රපටය බැලුවොත්. සිංහල උපසිරැසිත් තියෙන නිසා, හොඳින් රසවිඳින්න පුළුවන් නිර්මාණයක් කියලා මං හිතනවා. බාගෙනම බලන්න. ආ. මතක ඇතුව යන්න කළින් කමෙන්ට් එකකුත් දාලා යන්න. දෙවැනි උපසිරැසි නිර්මාණයත් එක්ක ඉක්මනින් හමුවෙමු.
Read More